තැපැල් ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කළ තිදෙනෙක්ට මාංචු

නොවැ 02, 2019

    තැපැල් ඡන්ද භාවිත කරන වේලාවේ තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන ලද සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කැකිරිාව පොලිස් ස්ථානයේ හා කටුගස්තොට පොලිස් ස්ථානයේ ගුරුවරු දෙදෙනක් ඒ අනූව අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොළ පාසලක මුරකරුවෙක් ද ඒ අතර වෙයි.

    මෙලෙස සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප ගතකර එම සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳව ද එමෙන්ම ඒවා හුවමාරු කළ පුද්ගලයන් පිළිබඳව ද මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 08:17

    Latest News