ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළා; ගෝඨාභය රාජපක්‍ෂ

නොවැ 01, 2019

    තමා ඉදිරිපත් කර ඇත්තේ, ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.

    මාවතගම ප්‍ර දේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්, ඔහු මේ බව පැවසීය.

    “මේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කළා තමුන්නාන්සේලාට. මේ වැඩපිළිවෙළ අපි සකස් කළේ මේ රටේ විද්වතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, බුද්ධිමතුන් වගේම “ගම සමඟ පිළිසඳරක්“ වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒ ප්‍රහ්න හඳුනාගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් හැටියට තමයි අපි පසුගිය අවුරුදු හතර තුළ ක්‍රියාකරලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොහොමද රට, මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කියලා සෑම ක්‍ෂෙත්‍රයකින්ම ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, රටේ ආරක්‍ෂාව, වැවිලි කර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය, මේ ක්‍ෂෙත්‍රවල ඒ වගේම තරුණ අසහනය තුරන් කරන්නට රැකියා නිපදවීම, මේවා ගැන පැහැදිලි ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආර්ථික සැලැස්ම අපි හදලා තියෙන්නේ ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළක්. අපි සමාජයේ සෑම තලයක්ම ඉහළට එන්නට ඕනේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය පිළිබඳව විශාල ප්‍රමුඛත්වයක් අපේ රජයක් තුළ අපි ලබාදෙනවා. අද අපේ රටේ වැවිලි කර්මාන්තය සෑම ප්‍රදේශයකම ඉතාමත් අවාසනාත්මක තත්වයකට පත්වෙලා තියෙනවා තේ කර්මාන්තය ඒ වගේම වෙනත් බෝග වර්ග ගම්මිරිස් වැනි භෝග ඒවා සම්පුර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. අපි මේ කර්මාන්තය නඟා සිටුවීමට අපි සම්පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා“ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    Latest News