තැපැල් ඡන්ද පත්‍රිකා වෙබ් අඩවියට මුදාහැරීමේ පැමිණිලි 7ක්

ඔක් 31, 2019

    සලකුණු කරන ලද තැපැල් ජන්ද පත්‍රිකා ඡායාරූප ගතකොට සමජා මාධ්‍ය වෙබ් අඩවි වලට මුදාහැරිම සම්බන්ධව පැමිණිලි හතරක් මේ වනවිට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙතට ලැබී ඇති බව එම සංගමය පවසයි.

    “තැපැල් ඡන්ද විමසීමෙන් පසු සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා වල ඡායාරූප ෆේස්බුක් හි බෙදාගත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව සහ වසර තුනක සිර දඩුවමක් ඔවුන්ට හිමිවන බව” මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශකොට තිබියදීත් මෙලෙස ෆේස්බුක් අඩවිය පමණක් නොව ට්විටර්,වට්සැප්,ඉන්ස්ටග්‍රෑම්,වයිබර් හා අනෙකුත් සමාජ මාධ්‍ය යෙදුම් හා වෙබ් අඩවි වලට මුදා හැර ඇතැයි එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි.
    මෙසේ සලකුණු කරන ලද තැපැල් චන්ද පත්‍රිකාවල ජායාරූප හුවමාරු කරගැනීම වරදක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස තැපැල් ජන්ද දායකයන්ට අවධාරණය කරන බව පවසන ඒ මහතා එවැනි වැරදි සිදු කිරීමෙන් සිර දඬුවමක් පවා හිමිවිය හැකි බව අවධාරණය කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 17:02

    Latest News