යහපාලන රජය පසුගිය වසර 5 තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති

ඔක් 31, 2019

    මෙම රජය විසින් ජනතාවට ඍජු ප්‍රතිලාභ ලැබෙන පරිදි ආරම්භ කර ඇති සහ නිමකර ඇති  විශේෂ ව්‍යාපෘති කිහිපයක් පහත සඳහන්වේ.

    1. මොරගහකන්ද කළුගග බහුකාර්ය ව්‍යාපෘතිය.
    2. උමා ඔය ව්‍යාපෘතිය අවිධිමත් ලෙස පැවැති රජය මගින් ආරම්භ කරන ලදී. වත්මන් රජය මගින් එය විධිමත් කර අවසානය කරා රැගෙන යමින් පවතී.
    3. ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක I-Road පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය
    4. උතුරේ රෝහල් 4ක් ඇතුළු ප්‍රධාන රෝහල් සඳහා කරනු ලබන ආයෝජනය
    5. ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය.
    6. උතුරේ ධීවර වරාය දෙකක් සංවර්ධනය කිරීම
    7. විශ්ව විද්‍යාල පද්ධති තුළ අලුතෙන් වෛද්‍ය, කෘෂිකර්ම සහ ඉන්ජිනේරුපීඨ ඇතුළුව අනෙකුත් විශ්ව විද්‍යාලවල නව පීඨ ආරම්භ කිරීම හා ඒ හරහා සිසුන් ඇතුළත් කිරීමේ සංඛ්‍යාව 22,000 සිට 33,000 දක්වා වැඩි කිරීම.
    8. සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමේ කාර්ය ඇරැඹීම.
    9. පෑලියගොඩ සිට ගාලු මුවදොර දක්වා කණුමත ඉදිවන මාර්ගය.
    10. දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම
    11. දක්ෂිණ දුම්රිය මාර්ගය මාතර සිට බෙලිඅත්ත දක්වා දීර්ඝ කිරීම
    12. පහළ මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය
    13. ග්‍රාම සේවා වසම් 14000 පුරා ක්‍රියාත්මකග්‍රාමීය යටිතල පහසුකම් නංවනගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
    14. කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මේ වනවිට නිවාස ඒකක 25000 ට අධික ප්‍රමාණයක් සහශ්‍රක නිවාස ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මකයි.

    මෙයට අමතරව විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ පහත සඳහන් මහා පරිමාණ ජල ව්‍යාපෘති ඇතුළු සංවර්ධන වැඩසටහන්  මේ වන විටත්  ක්‍රියාත්මක වෙමින් පවතී.

    2015 න් පසු ආරම්භ වූ ප්‍රධාන ව්‍යාපෘති….. (විදේශ ණය ආධාර මත)

    ප්‍රධාන විදේශ ණය ගිවිසුම්

    සංවර්ධන සහකරු

     

    ව්‍යාපෘති නාමය

    ප්‍රමාණය

    (.ඩො.මි.)

    චීන එක්සිම් බැංකුව

     

    දක්ෂිණ අධිවේගී මාර්ගය, 02 වෙනි අදියර බෙලිඅත්ත සිට වැටිය

    360.3

    ඉන්දියානු එක්සිම් බැංකුව

     

    ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය මාර්ග සංවර්ධනය

    318.0

    ජපන් සහයෝගිතා ආයතනය

     

    කළු ගඟ ජල යෝජනා ව්‍යාපෘතිය පුළුල්  කිරීම (1)

    279.1

    ආසියානු සංවර්ධන බැංකුව

     

    ප්‍රාග්ධන වෙළෙඳපොල සංවර්ධන වැඩසටහන

    250.0

    ජපන් සහයෝගිතා ආයතනය

    ජාතික විකාශන බෙදාහැරීමේ පද්ධති වැඩිදියුණු කිරීමේ සංවර්ධන පද්ධතිය

    200.1

    චීන සංවර්ධන බැංකුව

     

    195.1

    ආසියානු සංවර්ධන බැංකුව

     

    මාර්ග ආයෝජන ඒකාග්‍රතා වැඩසටහන - තුන්වන අදියර

    175.0

    ලෝක බැංකුව

     

    ජල සම්පාදන හා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය

    163.2

    ආසියානු සංවර්ධන බැංකුව

     

    මහවැලි ජල යෝජනා ක්‍රම ආයෝජන වැඩසටහන - පළමු අදියර

    150.0

    ආසියානු සංවර්ධන බැංකුව

     

    හරිත ශක්ති සංවර්ධන බල ශක්ති කාර්යක්ෂම වැඩිදියුණු කිරීමේ වැඩසටහන

    150.0

    කැල්යොන් කෙරෙඩිට්  ඇග්රිකෝල් සීඅයිබී

     

    මාතලේ ජලසම්පාදන යෝජනා ක්‍රමය

    140.0

    ආසියානු සංවර්ධන බැංකුව

     

    කොළඹ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන

    128.0

    ලෝක බැංකුව

     

    කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය

    119.6

    ආසියානු සංවර්ධන බැංකුව

     

    විදුලිබලය සැපයීමේ ව්‍යාපෘතිය

    115.0

    ජපන් සහයෝගිතා ආයතනය

     

    ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය

    113.7

     

    කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම - දෙවන අදියර

    109.0

    ලෝක බැංකුව

     

    100.0

    ආසියානු සංවර්ධන බැංකුව

     

    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ණය දීම

    100.0

    ආසියානු සංවර්ධන බැංකුව

     

    මාර්ග සංවර්ධනය සඳහා ආයෝජන ඒකාග්‍රතා වැඩසටහන- 02 වන අදියර (ඕසීආර්)

    98.0

    ජපන් සහයෝගිතා ආයතනය

     

    සංවර්ධන ප්‍රතිපත්ති ණය         ( පෞද්ගලික  අංශය සංවර්ධනයසහ රාජ්‍ය අංශයේ සංවර්ධනය)

    97.1

    චීන රජය

     

    ශ්‍රී ලංකා ජාතික විශේෂ වකුගඩු රෝහල - පොළොන්නරුව

    88.2

    සංවර්ධන ප්‍රංශ ඒජන්සිය

    සෞඛ්‍ය සනීපාරක්ෂණ නගර ව්‍යාපෘතිය

    87.0

    චීන රජය

     

    ආර්ථික තාක්ෂණික ඒකාග්‍රතා ගිවිසුම

    73.5

    ලෝක බැංකුව

    සමාජ ආරක්ෂණ පද්ධති වැඩසටහන

    72.9

     

    2015 න් පසු ආරම්භ වූ ප්‍රධාන ව්‍යාපෘති.. (දේශීය බැංකු විසින් මූල්‍යනය කරන ලද)

                                                                                   ප්‍රධාන විදේශ ණය ගිවිසුම්

    සංවර්ධන සහකරු

     

    ව්‍යාපෘති නාමය

    ප්‍රමාණය

    (රු.මිලි.)

    ලංකා බැංකුව

     

    නැගෙනහිර කොළඹ දිස්ත්‍රික් ජල සම්පාදන ව්‍යාපෘතිය - 02 වන අදියර

    4,823.0

    හැටන් නැෂනල් බැංකුව

     

    ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය

    4,495.9

    ජාතික සංවර්ධන බැංකුව

     

    විල්ගමුව ජලසම්පාදන ව්‍යාපෘතිය

    3,580.4

    ලංකා බැංකුව

     

    ජල සම්පාදන ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම

    3,499.0

    මහජන බැංකුව

     

    ඇටම්පිටිය ජලසම්පාදන ව්‍යාපෘතිය

    2,243.9

    ලංකා බැංකුව

     

    මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතිය - 02 වන අදියර

    1,500.0

    ලංකා බැංකුව

     

    අවිස්සාවේල්ල සහ කොස්ගම ඒකාග්‍රතා ජල යෝජනා ක්‍රමය

    1,382.4

    මහජන බැංකුව

     

    ඌරගස්මංහන්දිය, ගෝනපීනුවල, දික්කුඹුර සහ වැලිගම ජල යෝජනා ව්‍යාපෘතිය

    1,000.0

     

    දත්ත සහ තොරතුරු සැපයීම මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින්

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 15:57

    Latest News