ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුෂ්කර තත්වයකට මුහුණ දී තිබියදී අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් හා මිත්‍රරටවලින් ලැබෙන සහය බෙහෙවින් දිරිගන්වන සුළු බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

රාජ්‍ය වියදම් ඉතාම අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බැවින්, වියදම් දැරීමේ දී සහ දේශීය අරමුදල් භාවිතයෙන් සිදුකරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී වියදම් පාලන ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු ආකාරය දක්වමින් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආහාර වර්ග කිහිපයකට නව බදු පැනවීමක් සිදුකර නැතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ පිළිබඳව පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ආර්ථිකය පුනර්ජීවනය කිරීම යටතේ බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.

රට තුළට විදේශයන්හි සිට එතනෝල් ආනයනය කිරීම වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

පැහැදිලි ජන වරමක් සහිතව රටට නව දැක්මකින් යුක්තව නායකත්වයක් ලැබී ඇති මේ මොහොතේ භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවීමට පෙරට ආ යුතු බව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

මෙම රජය විසින් ජනතාවට ඍජු ප්‍රතිලාභ ලැබෙන පරිදි ආරම්භ කර ඇති සහ නිමකර ඇති  විශේෂ ව්‍යාපෘති කිහිපයක් පහත සඳහන්වේ.

රජය මුහුණ දී ඇති මූල්‍යමය බාධාවන් හේතුවෙන් අයවැයෙන් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රාග්ධන වියදම 15%කින් අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශය සියළුම අමාත්‍යංශවලට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

Latest News