ආහාර ද්‍රව්‍ය මත නව බදු පැනවීමක් සිදුව නැහැ....මුදල් අමාත්‍යාංශය

අගෝ 14, 2021

    ආහාර වර්ග කිහිපයකට නව බදු පැනවීමක් සිදුකර නැතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ පිළිබඳව පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    ධීවර අමාත්‍යාංශයේ නිර්දේශ සැලකිල්ලට ගෙන මෙරටට ආනයනය කරන කරවල සහ හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයට රුපිය්ල 100ක බද්දක් ක්‍රියාත්මක කර තිබේ.
    ඊට අදාළ ගැසට් නිවේදනය ඉකුත් 11 වැනිදායින් අවසන් වූ අතර එය එදින සිට දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනූව කිසිඳු ආකාරයක බදු සංශෝධනයක් මේ යටතේ සිදුව නැතැයි, මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    දේශීය නිෂ්පාදකයින් ආරක්ෂාවන පරිදි බටර්,උළුහාල් ඇට,කුරක්කන් පිටි,අබ ඇට සහ ලුණු ආනයනය සඳහා විශේෂ වෙළෙඳ බදු පැනවීමක් ඉකුත් වසරේ සැප්තැම්බර් 30 වැනි දිනැති අවසන් වෙයි.

    එම ගැසට් නිවේදනය සහ දේශීය ලුණු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා සියලු භාවිතයන් සඳහා ගන්නා ආනයනික ලුණු සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 40ක බද්දක් පනවා තිබුණ ද ඖෂධ නිෂ්පාදනයට ගන්නා විශේෂිත ලුණු රුපියල් 10ක් පමණ ගෙවා ආනයනය කිරීමට බදු සහනයක් ලබා දී තිබේ.

    ඉකුත් වසරේ දෙසැම්බර් 16 දිනැති ගැසට් නිවේදනයේ වලංගු කාලය ද ලබන සැප්.30 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.

    එම ගැසට් නිවේදන දෙකෙහි නියෝගයන් ද කිසිඳු සංශෝධනයකින් තොරව එලෙසම පවත්වාගෙන යාමට මෙම 2021 අගොස්තු මස 11 දිනැති අංක 2240/20 දරන ගැසට් නිවේදනය මගින් කටයුතු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    Last modified on සෙනසුරාදා, 14 අගෝස්තු 2021 13:45

    Latest News