මැතිවරණ කොමිසමේ නිරීක්ෂකයින්, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත

ඔක් 29, 2019

    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    ස්ථානගත නිරීක්ෂණ නිලධාරීන් සහ ජංගම නිරීක්ෂණ කණ්ඩායම් වශයෙන් තැපැල් ඡන්ද නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි, වාර්තා වන්නේ. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ලබන 31 සහ නොවැම්බර් පළමු වන දින සිදුකිරීමට නියමිතයි.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 වැනිදා සිදුකිරීමට නියමිතයි. එම දිනවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට නොවැම්බර් 07 වැනිදා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරිමට අවස්ථාව හිමිවෙයි.

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 07:53

    Latest News