පුත්තලම සුළං විදුලිබලාගාරයක ගින්නක්

ඔක් 29, 2019

    පුත්තලම, දළුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සුළං විදුලි බළාගාරයකට ඊයේ (28) සවස ගින්නක් හට ගෙන තිබේ.

    සුළං කණුවක ඇතුළත ඇතිවූ කාර්මික දෝෂයකින් ගින්න හටගෙන ඇති බව නොරොච්චෝලේ පොලීසිය සිදුකළ පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ. විදුලි බළගාර කණුවේ ඉහළ පෙති වලට සම්බන්ධ සුථානය ආසන්නයේ ගින්න හට ගෙන එහි කොටස් පහළට වැටෙන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබේ.

     මෙයින් මෙගාවොට් 2ක් ජාතික විදුලි පද්ධතියට ලබා දෙන අතර මෙය මිටර් 100 උසින් යුක්ත වේ. සිද්ධිනේ කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

    Latest News