රටේ හැමෝම දන්නවා නඩු ඔප්පු වුණත්, නැතිවුණත්, කවුද හොරකම් කළේ කියලා; ශිරාල් ලක්තිලක

ඔක් 28, 2019

    එක්සත් ජාතික පක්‍ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවලදී පළවූ අදහස් කිහිපයක් දැන්.


    එහිදී අදහස් දැක්වූ ශිරාල් ලක්තිලක මහතා...

    “පුහුලු හොරා කරෙන් දැනෙයි වගේ හොරු ඇල්ලුවේ නැති හේතු දැන් එළිපත්තට ඇවිල්ලා තියෙනවා. එදා අධිකරණ ඇමතිවෙලා හිටියේ විජයදාස රාජපක්‍ෂ. ඔහු උවමනාවෙන්ම හොරු අල්ලන එක මඟ හැරලා තියෙනවා. නිද්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ අධිකාරියේ සභාපති වෙලා ඉන්නේ සුහද ගම්ලත් මහත්තයා. ඔහු තමයි ලසන්ත වික්‍රමතුංග මහත්තයාගේ මරණය හෝ වේවා අනෙක් සාක්ෂිකරුවෝ ආරක්ෂා කිරීමේ වගකීම ගන්නේ. ගිය මාසේ අපි දැක්කා වියත්මඟ රැස්වීමට ඇවිල්ලා ඉන්නවා. FCID ලොක්කා ඔහු ඉන්ෂුරන්ස් එකක් දාගත්තා රාජපක්‍ෂ දේශපාලනයේ මට අරලියගහ මන්දිරයෙන් කියලා තමයි දූෂිතයෝ අල්ලන්න කියලා කිව්වේ කියලා රටේ ලෝකේ හැම දෙනාම දන්නවා නඩු ඔප්පු වුණත්, නැතිවුණත්, ලංකාවේ කවුද හොරකම් කළේ කියලා “ යැයි ශිරාල් ලක්තිලක මහතා පැවසීය.

    Latest News