පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරණ වාසියකට ගන්නේ නම්, ඊට දායක නොවීම කිතුනුවන්ගේ වගකීමක්..

ඔක් 24, 2019

    පාස්කු බෝම්බ සිද්ධියෙන් එළැඹෙන ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමට යමෙක් උත්සහ කරයි නම් එයට දායක නොවීම කිතුණුවන්ගේ වගකීමක් බව ලංකා සභාවේ කුරුණෑගල දියෝකිඩියේ කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරු හිමියන් පණ්විඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම පණිවිඩය මෙසේය.

    2019 පාස්කු දින අන්තවාදී කණ්ඩායමක් කිතුණුවෝ සිය ගණනක් අමු අමුවේ දේවස්ථාන තුළ ඝාතනය කරන ලදී. මෙම ඝාතනය සහ එදින සිදු කල කිසිම ඝාතනයක් කිසිවෙකුට සාධාරණීය කළ නොහැකිය.

    දැන් කිතුණුවෝ කළ යුත්තේ කුමක්ද?

    පළමුව මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා වැළැක්වීමට සහ මේවා සිදු කළ අය නීතිය හමුවට ගෙනඒමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුය. එහෙත් මෙය අප කළ යුත්තේ ද්වේශ සහගතව නොවේ. එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයට මෙම සිදුවීමෙන් යමෙක් වාසිලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් කිතුණුවන් හැටියට එයට දායක නොවීම අපේ වගකීමයි.

    මේවා සිදු කළ අයගේ අරමුණ වන්නේ ද්වේශය සහ වෛරය පතුරවමින් ජන ජීවිතය අවුල් කරමින්. ඔවුන්ගේ ආධිපත්‍ය තහවුරු කර ගැනීමයි. මෙහිදී යේසුස් වහන්සේ වදාළ ලෙස අප පරවියන් සේ අහිංසකවත් සර්පයන්සේ ඥාණවන්තවත් සිටිය යුතුය.

    යේසුස් වහන්සේ අප කැඳවුයේ අසල්වැසියාට ප්‍රේම කිරීමට පමණක් නොව සතුරන්ටද ප්‍රේම කිරීමටය. මෙය ක්ෂණිකව විග්‍රහ කිරීමේදී බොහෝ දෙනෙකුට නිවටකමක් සේ පෙනුණත් දීර්ඝකාලීනව සතුරුකම් නැසීමට ඇති සාර්ථක අවිය මෙය බව යේසුස් වහන්සේ කුරුසිය මත සමස්ත ලෝකවාසීන්ට පසක් කරන ලදී.

    pasku attarck

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 14:56

    Latest News