මහේෂ්ගේ ප්‍රතිපත්ති අද එළිදකී (වීඩියෝ)

ඔක් 24, 2019
  • ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24) සවස 5.00ට පදනම් ආයතනයේ දී එළිදක්වන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.

    ඔහු ඒ බව ප්‍රකාශ කළේ පසුගිය 22 වැනිදා ජාතික ජනතා පක්ෂයේ බලන්ගොඩ ප්‍රදේශයේ සාමාජිකයන් දැනුවත් කිරීමේ සාකච්ජාවකට එක්වෙමින්.

    "එදාට මේ රටේ සෑම කෙනෙකුටම දැනගන්න පුළුවන් අපේ ප්‍රතිපත්ති මොනවද කියලා. පැහැදිලිවම අපි සුරංගනා කතා නැහැ. අපි බොරු කතා කරන්නේ නැහැ. අනිකුත් අපේක්ෂකයන් ලබා දෙන බොරු පොරොන්දුවලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ.

    ජනතාව තව තවත් රවට්ටන්න තමයි අනික් අය හදන්නේ. ජනතාව බුද්ධිමත්ව තේරුම් අරගෙන රැවටෙන්නේ නැතිව දැන්වත් ඡන්දය හරියට පාවිච්චි කරලා නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු පත් කරගන්න කටයුතු කරන්න ඕන.අපි විතරයි නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ගැන කතා කන්නේ."

    .........................................................

    දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි; මහේෂ් සේනානායක (වීඩියෝ) - ඔක් 08, 2019

    ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හේතුවූ කරුණු පිළිබඳව පසුගියදා (ඔක්තෝම්බර් 8) මාධ්‍ය හමුවේදී පැහැදිළි කළේය. ඔහු අපේක්‍ෂකත්වය ලැබීමෙන් පසු පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුව එයයි.
     

    " නිදහස ලැබීමෙන් අනතුරුව මේ රටේ සිදුවී තිබෙන දේශපාලන සංස්කෘතිය නිසා මේ රට ඉදිරියට නෙමෙයි ගොස් තිබෙන්නේ නැවත, නැවතත් පසුපසට. රටේ පුරවැසියෙක් හැටියට යුතුකමක් තියෙනවා කළ යුතු කාර්ය ඉටු කරන්න. මා යුද හමුදාපති හැටියට විශ්‍රාම ගත්තේ බොහොම සන්තෝසෙන්. නමුත් පසුව මා දැක්කා මේ රටේ ඇතිවී තිබෙන මේ ව්‍යසනයන් පිළිබඳව.

    මම තීරණය කළා මේ රටේ දේශපාලන සංස්කෘතිය හුදෙක්ම වෙනස් කළ යුතුයි කියලා. හැම කෙනෙක්ම කතා කරන්නේ මෙය වෙනස් විය යුතුයි කියලා. ඒ වෙනස්වීම සිදු කළ කණ්ඩායම ඉදිරිපත් වෙලා ඉන්නවා විකල්පයක් හැටියට. මේ සිදුවන්නේ රටේ ජනතාවගේ අනාගතය සුරක්‍ෂිත වීම බව පැහැදිලි" යැයි මහේෂ් සේනානායක මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 10:23

    Latest News