ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට නඟන චෝදනා ගැන කණගාටු වෙනවා; රවුෆ් හකීම් (වීඩියෝ)

ඔක් 23, 2019

    ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට නඟන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

    එහිදී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා...

    “කාරක සභාවේ සාමාජිකයෙකු වූ රවුෆ් හකීම් ඇමතිතුමා තමා සහරාන් හමුවීම හා මේ සිද්ධිවලට සම්බන්ධ අය හමුවීම සිදුවී තිබෙන බව පසුගිය සතියේ ප්‍රකාශයට පත්වුණා. ඒ පරීක්‍ෂණ වාර්තාවේ එතුමා පෙනී සිටිම අපක්‍ෂපාතී පරීක්‍ෂණයකට තුඩු දෙන්නේ නැති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වන රවුෆ් හකීම් මැතිතුමා පිළිගන්නවා ඇති“ යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍ය රවුෆ් හකීම්...

    ගරු නියෝජ්‍ය කතානායක තුමනි, ඉතාම සැලසුම්ගතව අහම්බෙන් කොහෙන්ද හොයාගත්ත වීඩියෝ පටයක් තියාගෙන මටත් ත්‍රස්තවාදීන්ටත් එක්ක සතුරු කමක් තිබුණා කියන කතාව මම කණගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම මම ඊට වඩා රසවත් ඡායාරූප ටිකක් මම පෙන්වන්නම් කොයිවගේ අයද ඔබතුමන්ලා පත්කරගෙන ඉන්නේ කියන එක බලන්න. මේක අසාධාරණ දෙයක්. මමගිහිල්ලා සයින්දමරුදු බෝම්බ කරුවෙක් ඉස්පිරිතාලෙදි හමුවුණැයි කියලා පෙන්වන ඒ ඡායාරූපයේ ඉන්න තවත් කෙනෙක් පිළිබඳව දැන් මම පෙන්වනවා. මට මඩ ගහන සමහර මුස්ලිම් මවුලවිවරු මොනවගේ නායකයන් එක්ක ඇසුරු කරනවාද කියලා මගේ ළඟ ජායාරූප තියෙනවා“ යැයි රවුෆ් හකීම් මහතා පැවසීය.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 20:01

    Latest News