අපි ළඟ පැහැදිලි සැලැස්මක් තියෙනවා ආර්ථිකය ගොඩගන්න; ගෝඨාභය රාජපක්‍ෂ (වීඩියෝ)

ඔක් 23, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා, මහනුවර තලාතුඔය නගරයේ අද පැවති ජන රැලියකට එක්වුණා.

    එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා...

    “එදා ආරම්භ කරපු ව්‍යාපෘති මේ රජය ආපු ගමන්ම නවතලා දැම්මා. ඒ ව්‍යාපෘතිවල වැඩ කරපු ඒවට සම්බන්ධ වෙච්ච අපේ ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ සෑම දෙනෙක්ම ව්‍යාපාර නැවතුනා. මේක තමයි මේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ. එදා අපි ළඟ සැලසුම් තිබුණා. ඒ සැලසුම් ක්‍රියාත්මක කළා. අපි ළඟ පැහැදිලි සැලැස්මක් තියෙනවා මේ ආර්ථිකය ගොඩගන්න.

    එස්.බී. දිසානායක මහතා...

    “අද දුටුගැමුණු කෙනෙක් ඕන යුගය. පරාක්‍රමබාහු කෙනෙක් ඕන යුගය. රාජපක්‍ෂලා ඕන යුගය. අද වෙනදාට වඩා අපට දැනෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමනි, මේ කන්ද උඩරට ජනතාව ඔබටත් ඔබේ ආදරණීය වැඩිමහල් සහෝදරයාටත් මේ ශ්‍රී ලංකා භූමියේ කිරුළ දෑතට දෙන්අන ද සූදානම් වෙලා ඉන්නවා“ යැයි එස්.බී. දිසානායක මහතා පැවසීය.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 20:35

    Latest News