රිය අනතුරකින් බුලුපිටියේදී අඹුසැමි යුවලක් මරුට

ඔක් 20, 2019

    කුරුණෑගල - මීගමුව මාර්ගයේ බුලුපිටිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් අඹුසැමි යුවලක් මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ, මෝටර් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන්. අනතුරෙන් බරපතළ තුවාල ලැබු 25 හැවිරිදි මෝටර් රථයේ රියදුරු සහ 30 හැවිරිදි ඔහුගේ බිරිඳ කුරුණෑගල රෝහලට ඇතුළත් කිරිමේ දී මිය ගියේය. අනතුර සම්බන්ධයෙන් කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. වීරඹුගෙදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 08:07

    Latest News