කෝටි 4ක මුහුදු කූඩැල්ලන් පෙට්ටියකට සීල්

පෙබ 27, 2020

    සිලාවතුර ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි කඩ කරමින් රුපියල් කෝටි 4ක් පමණ විටින මුහුදු කූඩැල්ලන් තොගයක් ගබඩා කර තිබූ කන්ටේනර් පෙට්ටියක් මුද්‍රා තැබීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    කන්ටේනර් පෙට්ටිය තුළ මුහුදු කූඩැල්ලන් කිලෝ 1,800කට ආසන්න ප්‍රමාණයක් රහසිගත අයුරින් ගබඩා කර තිබිණ.

    කලක සිට කිසියම් පිරිසක් විසින් මුහුදු කූඩැල්ලන් රැස් කිරීමේ හා ගබඩා කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ මුහුදු කූඩැල්ලන් තොගය අධිකරණ නියෝග මත ඊයේ පරීක්ෂා කෙරිණ. එහිදී ධීවර නිලධාරීන්ට සනාථ වී ඇත්තේ චීන ජාතික පිරිසක් සමග මෙම ජාවාරම සිදුකර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතික දෙදෙනෙකු හා තවත් එක් පුද්ගලයෙකු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ බාරයට ගැනිණ. සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 08:35

    Latest News