මුහුදු කුඩැල්ලන් රටින් පැන්නීමට ගත් උත්සහයක්

ජන 14, 2019

    මන්නාරම වෙරළ ප්‍රදේශයේ ඩිංගි යාත්‍රවක සඟවා තිබු නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා පාමුර සංචාරයකදි සොයා ගෙන තිබේ.

     එහිදි, මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.

    මුහුදු කුඩැල්ලන් තොගය ඩිංගි යාත්‍රාවක් තුළ මලු 12 ක සඟවා තිබු බව නාවික හමුදාව පවසයි. ඒ අනුව, සොයා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට ක්‍රියා කර ඇත.

    උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙම මුහුදු කුඩැල්ලන් තොගය සොයාගෙන තිබේ.

    Latest News