ගෝඨාභයට පුරවැසි ගැටළුට තවත් නඩුවක් ?.... චන්ද්‍රගුප්ත තේනුවර

ඔක් 10, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූල අයුරින් ඉවත් කරගත්තේද යන්න සැකසහිත බැවින් එ්වෙනුවෙන් නැවතත් අධිකරණයට යාමට ඉඩකඩ පවතින බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

    අභියාචනාධිකරණය තීන්දුව ලබාදීමට හේතුවූ කරුණු දක්වා නොමැති නමුත් පසුගිය පෙත්සම් විභාගය හරහා ඔහු ද්විත්ව පුරවැසියෙකුය යන්න තහවුරු වූ බව ඔහු කියා සිටි.

    මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා "වෙනත් අයෙකු විසින් ප්‍රශ්න කිරීමට බය වන්නාවූ අයෙකු වුවත් ප්‍රශ්න කිරීමේ අයිතිය අපට තියෙනවා. ඒක තමයි 2015 අපි ලබාගත්තු උපරිම ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය භුක්ති විඳිමින් තමයි අපි අධිකරණයට ගියේ. මොන හේතු සඳහාද නඩුව නිශ්ප්‍රභා කළේ කියන කාරණා නැතිවුණත් ඔප්පු වෙච්ච ප්‍රධාන කාරණයක් තියෙනවා. ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය වලංගු සහතිකයක් බව දැන් පිළි අරගෙන තියෙනවා. ඊළඟට අපට තියෙනවා ප්‍රශ්නයක් ඔහු සැබෑ ලෙසම ඒ ද්විත්ව පුරවැසිකම අවලංගු කළාද මේ ඡන්දෙට නාමයෝජනා දෙන්න කලින්. ඒ නිසාම අපට ඉදිරියේදී නැවතත් අධිකරණයට යාමේ ඉඩකඩ තියෙනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

    චන්ද්‍රගුප්ත තේනුවර මහතා මේ බව පැවසුවේ ඊයේ (09) සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව පැවැත්වූ හමුවක් අමතමිනි.

    Latest News