වියන්ගොඩ හෙළිකළ 2015ට පෙර තිබූ සමාජ බිය..

ඔක් 10, 2019

    2015ට පෙර බිය කියන එක මේ රටේ සමාජ රෝගයක් බවට පත්ව තිබූ බවත්, මුළු සමාජයටම ඒ බිය කියන රෝගය වැලදුණ බවත් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.

    නොවැම්බර් 16වැනිදාට පරාජය කළ යුත්තේ මෙන්න මේ දුෂ්ටිවාදී අධිකරණය බවත්, ඒ දුෂ්ටිවාදී අධිකරණයට නැවත බලයට එන්න දුන්නොත් අද මේ තියෙන සාධාරණ අධිකරණය අභාවයට යන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ රාජගිරිය ෆුඩ්සිටි ගොඩනැඟිල්ලේදී ඊයේ (09) පැවැති “බියට බිය නොවී නිදහස රැකගනිමු , සුදුවෑන් යළි එපා “ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

    මහාචාර්ය සරත් විජේසූරිය - කැඳවුම්කරු

    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

    ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය පාලනය කිරීමට කිසිසේත් සුදුස්සෙකු නොවන බව ඔහු සිය සහෝදරයා රටේ ජනාධිපතිවරයා ලෙස සිටි අවදියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ කාලයේ ඉතා හොදින් සනාථ කරලා තියෙනවා..විශාල පිරිසක් අද කරලියට ඇවිල්ලා ඉන්නේ තමන්ගේ ජීවිතවලට තර්ජනයක් නැති බව දැනගෙන..මරබිය නැති අවකාශයක් තුල දේශපාලන කරන්නට පුළුවන් කියන විශ්වාසයෙන් තමයි ඒ අය දේශපාලන කරලියට ඇවිල්ලා තියෙන්නේ..ඒ සාධනීය තත්වය දිනාගත් නිදහස් අපි ආරක්ෂා කළ යුතුයි..අපි අවධාරනයෙන් පවසා සිටින දේ තමයි ඒ නිදහස් ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයෙකු යළි රටේ පුරවැසියන්ට උරුමකර නොදෙන බව...

    ගාමිණී වියන්ගොඩ - සම කැදවුම්කරු
    පුරවැසි බලය

    2015ට පෙර බිය කියන එක මේ රටේ සමාජ රෝගයක් බවට පත්වෙලා තිබුණා..මුළු සමාජයකට ඒ බිය කියන රෝගය වැලදුනා..ශත වර්ෂ ගානක් ගෙවිලා නෑ, අවුරුදු හතර හමාරයි ගෙවින තියෙන්නේ..මේ අවුරුදු හතර හමාරේ දී මිනිසුන්ගේ මරණ ශක්තිය විනාශ වෙලා නෑ..ඒ නිසා අද ජීවත් වන කුඩා දරුන් හැරුණු කොට වැඩිහිටි හැමෝම දන්නවා එදා තිබුණ බිය මොනවගේ එකක් ද කියලා..නොවැම්බර් 16වැනිදාට පරාජය කළ යුත්තේ මෙන්න මේ දුෂ්ටිවාදී අධිකරණයයි..ඒ දුෂ්ටිවාදී අධිකරණයට නැවත බලයට එන්න දුන්නොත් අද මේ තියෙන සාධාරණ අධිකරණය අභාවයට යනවා..

    කේ.ඩබ්ලිව්.ජනරංජන - සම කැදවුම්කරු
    පුවැසිබලය සංවිධානය

    ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිතුමා වුනොත් එහෙම වෘත්තීය සමිති පවත්වාගෙන යන්න ලැබෙන්නේ නෑ..මාධ්‍යවේදීන්ට ඒ ජනාධිපතිවරයාව, ආණ්ඩුව ප්‍රශ්න කරන්න වෙන්නේ නෑ..එහෙම වුනොත් රෑට බලනැතුව නිදාගන්න ලැබෙන්නේ නෑ..ජීවත්වෙන්න අවශ්‍යනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒ කඳවුරු පරාජය කර දැමීමට අත්‍යවශ්‍ය කාරනයක් බව අවධාරනය කරනවා..එම නිසා එය කළ හැකිබවට අපිට පෙනෙන එක්සත් ජාතික පෙරමුණ එක්ක එකට එකතුවෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා..

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 10:27

    Latest News