කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ඔක් 09, 2019

    කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම අත්හිටුවීම මීට හේතුවෙන්.

    ඒ අනුව අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගර් හා බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Last modified on බදාදා, 09 ඔක්තෝබර් 2019 08:54

    Latest News