දඹුල්ලේ පෝස්ටර් ඉවතට

ඔක් 09, 2019

    දඹුල්ල නගර සභා බල ප්‍රදේශය තුළ මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා ඇති සියලු පෝස්ටර්,බැනර් හා පුවරු ඉවත් කිරීමේ වැඩසටහනක් දඹුල්ල මහ නගර සභාව ඊයේ සිට ආරම්භ කර තිබේ.

    අදියර කිහිපයක් යටතේ ඉදිරියටත් ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා බව, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි. මේ සඳහා නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති හා මන්ත්‍රිවරුන් ද, නාගරික කොමසාරිස්වරයා ඇතුළු සියලුම නගරසභා කාර්ය මණ්ඩලය එක්ව සිටීම විශේෂත්වයක්.

    දඹුල්ල කෘෂිකර්ම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් ද මීට එක්විය. මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රචාරණ කටයුතු සම්බන්ධ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කිරීමට සියලු මන්ත්‍රීවරුන් එක් තීරණයකට එළඹි බව, නගරාධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.

     

     

    Last modified on බදාදා, 09 ඔක්තෝබර් 2019 08:18

    Latest News