හෙරොයින් 50kg ක් අතුරුගිරියේ දී අත්අඩංගුවට (වීඩියෝ)

ඔක් 07, 2019

    හෙරොයින් 50kg ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීම් ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අද(07) උදෑසන සුදු පැහැති ජිප් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට අතුරුගිරිය දක්වා පැමිණ අතුරුගිරිය පිටවීමේ ස්ථානයෙන් පිටවන අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොලිස් දක්ෂිණ අධිවේගී මාර්ග කොට්ඨාසය විසිනි.

    එම ජීප් රථයේ පොහොර උර 2 ක බහා මෙම හෙරොයින් 50kg ක ප්‍රමාණය තිබී ඇත.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක් වු පැල්වත්ත ගමගේ චමින්ද දිල්රුක් නැමති ස්වර්ණපාලි මාවත, බොරුල්ල ලිපිනයේ පදිංචි අයෙක් සහ වයස අවුරුදු 38 ක් වු මංගල සිසිර කුමාරසිරි නැමති සමඟි මාවත, උඩහමුල්ල, නුගේගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකි.

    මේ පුද්ගලයින් දෙදෙනා මීට පෙර හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට පත්ව ඇප මත සිටින දෙදෙනෙකු බවද අනාවරණය වී ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 16:25

    Latest News