මිලියන 75ක විමල්ට එරෙහි නඩුව ජනවාරි කැදවයි

නොවැ 26, 2018

    රුපියල් මිලියන 75  කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව ජනවාරි මස 14 වන දා කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විමල් වීරවංශ මහතාගේ නීතිඥවරු අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළ ජල බිල්පත් හා විදුලි බිල්පත් නිකුත් කිරීමට අදාළ පරිගණක පද්ධති පරීක්ෂා කිරීමට අවසර දෙන මෙන් විත්තියේ නීතිඥවරු අධිකරණයෙන්  ඉල්ලා සිටියේය.
    ඒ අනුව අදාළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නේය.
    2010 වසරේ ජනවාරි මස පළවනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියනය 75 කට ආසන්න වත්කම් නීති විරෝධී ලෙස රැස්කිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කරන චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News