ජනාධිපතිවරණයට ඇප තැබීම හෙටින් අවසන්

ඔක් 05, 2019

    2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් (06) අවසන් වෙයි.

    හෙට පෙරවරු 08.30සිට පෙරවරු 12.00 දක්වා කාලය තුළ ඇප මුදල් තැන්පත් කළ හැකියි. අද (05) දිනයේ ඇප මුදල් භාරගැනිම සිදු වන්නේ නැත. ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පති කිරිම ආරම්භ වුණේ පසුගිය 19 වැනිදායි.

    ඊයේ (04) දිනය වනවිට අපේක්ෂකයින් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 08:46

    Latest News