ජනාධිපතිවරණයට එරෙහි පෙත්සමට ශ්‍රීනිපයේ හෝ ජනපතිගේ සම්බන්ධයක් නැහැ -දයාසිරි

ඔක් 04, 2019

    ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ පෙත්සමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එහි සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඊයේ (03) ඉදිරිපත් විය.

    ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ අදාළ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබිණි.

    ජනාධිපතිවරණය කැඳවා ඇති මෙම අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 12:58

    Latest News