හංසයා ලකුණින් සජිත් ඇප තියයි (වීඩියෝ)

ඔක් 04, 2019

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් ඇප මුදල් තැන්පත් කළේය.

    සජිත් ප්‍රේමදාස මහතාගේ ඇප මුදල් තැන්පත් කිරීම අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතීඥ ශර්මිලා පෙරේරා මහත්මිය ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට සහභාගී වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සහය දක්වන පක්ෂ ගණනාවක් එක්ව සිටිති. ඒ අනූව, ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේ දී සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපති අපේක්ෂක ලෙස ඊයේ ඒකමතිකව සම්මත කෙරිණ.

     

     

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 20:26

    Latest News