රුපියලේ අගය ශක්තිමත් වේ

ඔක් 04, 2019

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වී තිබේ.

    ඊයේ දිනයේ දී මහ බැංකුව නිකුත් තළ විනිමය අනුපාතයන්ට අනුව, ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 183.55 ක් ලෙසයි.

    ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වු අතර, නැවතත් එහි වටිනාකම ඉහල යාම ආරම්භ වුයේ මේ වසරේ මාර්තු මාසයේ සිටය.

    පසුගිය වසරේ දෙසැම්බර් මාස ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.69 දක්වා ඉහළ ගොස් තිබේ.

    ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල්වීම සහ අමෙරිකාව ඇතුළු දියුණු ආර්ථික සිය මුල්‍ය ප්‍රතිපත්තීන්වල මුහුණුවර වෙනස් කිරීම හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ලැබෙන විදෙස් ආයෝජන ගලාඒම් ද ඉහළ ගොස් ඇතැයි, මහ බැංකුව සඳහන් කර ඇත.

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 14:10

    Latest News