සහරාන්ගේ බිරිඳ සිව්වන දිනයටත් පාපොච්චාරණයක්

ඔක් 03, 2019

    කොලඹ ෂැංග්‍රිල්ලා හෝටලයට ඉකුත් අප්‍රේල් මස 21 වැනි දා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඞ් නැමැත්තාගේ බිරිඳ වන ‍අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නැමැත්තිය ඊයේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ රහස් පාපොච්ඡාරණයක් සිදු කළාය.

    ෙ පැය තුනකට ආසන්න කාලයක් ඇය විසින් මහේස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී මෙලෙස පාපොච්ඡාරණය අද සිව්වන දිනයටත් සිදු කලා. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂාව යටතේ ඇය අධිකරණයට රැගෙන විත් තිබිණ.

    ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු වූ පිපිරිමකින් අනතුරුව තුවාල ලබා සිටි ඇය සහ ඇයගේ අවුරුදු හතරක් වයසැති දියණිය වන රුදයිල් නැමැති ගැහැණු දරුවාද රහස් පොලිසිය භාරයට ගනු ලැබූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ෆාතිමා කාදියා රදවා ප්‍රශ්න කරමින් සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2019 08:02

    Latest News