ජනාධිපතිවරණයේදි ප්‍රධාන අපේක්ෂකයින් එකම වේදිකාවට එන දිනයක්

ඔක් 01, 2019

    ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයින් 05 වනදා එකම වේදිකාවකට ගෙන ඒමට සූදානම් බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව මධ්‍යවෙත අදහස් දක්වමින් එහි නියෝජිත පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේය.

    සියලු ප්‍රධාන අපේක්ෂකයින් එක් වේදිකාවට ගෙනැවිත් ඔවුන්ගේ රට හදන වැඩ පිළිවෙල ජනතාවට පැවසීමට අවස්ථාව උදා කර ඇතැයි ද පවසන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. එය ප්‍රායෝගිකව දියත් කරන අන්දම අද දිනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.

    මෙම වැඩසටහන සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ කැමැත්ත පළ කළ රෝහණ හෙට්ටිආරච්චි වැඩි දුරටත් කියා සිටියේය. අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ 3නේ අපේක්ෂකයින්ට මේ සඳහා ආරාධනා කර ඇතැයි ඔහු පෙන්වා දුනි.

    මෙම අවස්ථාව දේශපාලන ඉතිහාසය පුර කිසිදු අවස්ථාවක නොවු දෙයක් බව ඔහු කියා සිටි. මෙම වැඩසටහන ජනතාවට ද නැවුම් අත්දැකීමක් වන බවත් රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. ඒ අනුව ඔක්තෝබර් 5 වනදා පස්වරු 3 - 5 අතර කාලයේදි සජීවව සියලු රූපවාහිනි නාලිකාවන්ගෙන් විකාශය කිරිමට ද සැලසුම් කර තිබේ.

    ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා වු අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා එක්වීමට නියමිත බවත් මෙය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා ලද වැදගත් තීරණයක් බවත් ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ටිල්වින් සිල්වා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.

    Latest News