අවු 12ට අඩු දරුවන් වෙළඳ දැන්වීම්වලට යොදා ගැනීම තහනම්

දෙසැ 31, 2024
    අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    ඒ අනූව එළඹෙන ජනවාරි පළමුවැනිදා සිට කිසිඳු ලෙසකින් වයස අවුරුදු 12ක අඩු දරුවන් වෙළඳ දැන්වීම් සඳහා යොදාගත නොහැකියි.
     
    මේ අතර 1980 අංක 26 දරන ආහාර පනතට අදාළව 2023 වසරේ සංශෝධනය කළ, ආහාර ලේබල් කිරීමේ සහ ප්රචාරය කිරීමේ නියෝග ඇතුළු තවත් නියෝග කිහිපයක් නැවත සංශෝධනය කර තිබෙනවා.

    Latest News