'ගැටළුවට විසඳුම් රැගෙන යළි පැමිණෙනවා'..අබාධිත රණවිරුවන්ට සජිත්ගෙන් පෙරොන්දුවක් (වීඩියෝ)

සැප් 30, 2019

    ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව හෙට (01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අ ද(30) උදෑසන අබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.......

    “රට දැය බේරගත්තු විරෝධාර රණවිරුවන් හමුවෙන්න ආවා. ඇත්තටම විරෝධාර රණවිරුවන් වෙනුවෙන් මම ලොකු වැඩක් කරන පුද්ගලයෙක්. මගේ නිවාස වැඩසටහන යටතේ ඉඩම් දීලා තියෙනවා නොමිලේ. ඒ වගේම ගෙවල් හදන්නට ආධාර දීලා තියෙනවා. මීට පෙර කාලවල්වල සිදුවුණේ රණවිරුවන්ට ඉඩම් දීලා, ගෙවල් දීලා ඉපලෝගම රණවිරුවන්ගෙන් අහන්න පුලුවන් හැමෝගෙන්ම ලක්‍ෂ 8ක් අය කරනවා මුදල්. ඒ නිසා ඇත්ත වශයෙන්ම රණවිරු ප්‍රජාවට දෙන්න තියෙන උපරිම සහය ලබාදිය යුතුයි කියන මතයේ ඉන්න මනුස්සයෙක් මම. ඒ නිසා මෙතුමන්ලගේ මතය හෙට දවසේ මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඊට පස්සේ අපි බලමු මම ආපහු එනවා ඔබතුමන්ලට පිළිතුරක් අරගෙන“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    රණවිරු ප්‍රජාවට ලබා දිය යුතු උපරිම සහය ලබා දෙන පුද්ගලයෙක් ලෙස ඔවුන්ගේ මෙම ගැටළුවලට පිළිතුරක් රැගෙන නැවත වතාවක් පැමිණෙන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. දින 20ක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ උපවාසය අත්හැරීමට  ඒ අනූව ආබාධිත රණවිරුවන් තීරණය කෙරිණ. 

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 20:01

    Latest News