වැඩවර්ජනය මැදත් කාර්යාල දුම්රිය 10ක් ධාවනයේ..ඇමති අශෝක අබේසිංහ (වීඩියෝ)

සැප් 30, 2019

    වැඩවර්ජනය හමුවේ වුවද අද (30) පෙරවරුවේ කාර්යාල දුම්රිය 10ක් ධාවනයයට එක් කල බව ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

    අද පෙරවරුවේ,මහව හන්දිය,කුරුණෑගල,හලාවත,ගාල්ල,මහනුවර ,රඹුක්කන, හා අවිස්සාවේල්ල සිට දුම්රිය 6ක් කොළඔ කොටුව බලා ධාවනය විය.

    විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතවරුන්  20 කට වැඩි පිරිසක් දෛනික වැටුප් පදනම මත  මේ වන විට සේවයට එක් වී ඇති බව පැවසු අමාත්‍යවරයා සියලු ම දුම්රිය ස්ථාන ආශ්‍රිතව විශේෂ බස්රථ සේවාවක් ද ක්‍රියාත්මක කිරිමට උපදෙස් දි ඇති බව සඳහන් කලේය.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 20:20

    Latest News