වැල්ලම්පිටිය වෙළඳසැල් 4ක් ගිනිබත්..පුද්ගලයෙක් මරුට

සැප් 29, 2019

    වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළඳසැල් 4ක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

    ගින්න හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 11.00ට පමණ. ගින්නෙන් කඩකාමර 4කට හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් හා වැලිකඩ ගිණි නිවීමේ ඒකකය එක්ව ගින්න නිවා දැමිණ. මියගොස් ඇත්තේ 21 හැවිරිදි අරුලප්පන් ප්‍රියදර්ශන නමැති සේදවත්ත පදිංචිකරුවෙක්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

     

     

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 12:04

    Latest News