පොලිස් පරීක්ෂකවරුන් 11ක් සහකාර පොලිස් අධිකාරී ලෙස

සැප් 28, 2019

    පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත.

    සේවා කාලය සහ කුසලතාව පදනම් කරගෙන උසස් කිරීම් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ලබාගත් මුලු ලකුණුවල අනුපිළිවෙල අනුව 2018 ජුලි මස10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ උසස්වීම් ලබා දී ඇත.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිව පරිදි මෙම උසස් වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    Latest News