කූඨ ලේඛන සකස් කළ අයෙක් දැලේ (වීඩියෝ)

සැප් 28, 2019

    කූඨ ලේඛන සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින්. උපකරණ රැසක් ද පොලිස් බාරයට ගැණින. බුලත්සිංහලගේ කරුණාරත්න නමැති සැකකරු, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වෙනත් අයෙකු ලෙස සිටිමින් මුදල් වංචා කර ඇති බව පොලිසිය පවසයි. ව්‍යාජ කූඨ ලේඛණ සකස් කිරීමට යොදාගත් පරිගණක 4ක්, මුද්‍රණ යන්ත්‍ර 4ක් හා යතුරු පුවරු 4ක් ද සොයා ගෙන තිබේ. සැකකරු, භාෂා පරිවර්තකයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලියකියවිලි සකස් කර වංචනිකව මුදල් උපයා ඇති බව වාර්තාවේ. සැකකරු, අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 20:26

    Latest News