අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාය අනතුරු වාර්තා වී තිබේ.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, කිරිඇල්ල,ඇල්ලගාව ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් තිදෙනෙක් අතුරුදන් වී ඇති බවයි.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් 35 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. ඉතිරි පුද්ගලයින් 425 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළේ වෙළෙඳ සංකීර්ණයේ කඩසාප්පු සියල්ල වසා දැමීමට රත්නපුර මහ නගර සභාව ඊයේ පියවර ගත්තේය.

මාතලේ සහ රත්නපුර දිස්ති‍්‍රක් සදහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රත්නපුර - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊ‍යේ (08) රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේත් විදුලි කණු රැසකට හානිවීම් පස්කණ්ඩි කඩා වැටීම් කිහිපයක් වාර්තා වූ බවයි, ආපදා කළමනාකරණ අමාත්‍යාශය පවසයි.

Latest News