සියළු දෙනාට සාධාරණව වැටුප් වැඩි කරන්න; රත්නප්‍රිය

සැප් 25, 2019

    සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් සඳහා වැටුප් වැඩි කිරීමේදී අනෙකුත් වෘත්තීන්ට අසාධාරණයක් නොවන ලෙස එය ක්‍රියාත්මක කරන්නැයි, සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

    “රනුක්ගේ කමිටු වාර්තාව“ අර්ධ වශයෙන් හෝ ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති පියවර සාධනීය පියවරක් බව, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කළේය.
    එහිදී අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා....

    “ඊයේ දවසේ අමාත්‍ය මණ්ඩලය තීරණයක් අරගෙන තියෙනවා “රනුක්ගේ කමිටු වාර්තාවේ“ 50%ක් 2020 ජනවාරි සිට ක්‍රියාත්මක කරන්න. ඉතිරි 50% 2020 ජුලි මාසයේ දී ක්‍රියාත්මක කරන්න සලකා බලනවා. ඒක යම් ප්‍රමාණයකට හොඳ තත්වයක්. “රනුක්ගේ කමිටු වාර්තාවේ“ අවමය රුපියල් 3000/=ක වැටුප් වැඩිවීමක් රජයේ සේවකයන්ට හම්බ වෙනවා. ස්ථිර ලේකම් කෙනෙක් ගත්තහම රුපියල් 33,000ක වගේ වැටුප් වැඩිවීමක් “රනුක්ගේ කමිටු වාර්තාවේ“ නිර්දේශ වෙනවා. ඒකෙන් අර්ධයක් ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට ඕනේ මේ ගත්ත තීරණය අනුව. යම් ප්‍රමාණයක සුබදායී දෙයක්. පිලිනොගන්නා වූ සමහර කාරණා තියෙනවා. ඒවා සංශෝධනය කරලා තීරණය කරන්න කියලා. විධායක ශ්‍රේණියේ අයගේ දීමනා වැඩි කරන්න කියලා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙමින් සිටිනවා. ඒවෘත්තීය ක්‍රියාමාර්ගයට සියයට සියයක්ම පක්ෂයි. ඒ අයට ඒ වගකීමට ගැලපෙන්න දීමනා වැඩි කරන්න අපේ කිසිම ගැටලුවක් නැහැ. වෛද්‍යවරු ගිය සතියේ දවසක් ගිය සතියේ වැඩ වර්ජනය කළා. පරිපාලන සේවාවේ ඉහළ දීමනාව ඒගොල්ලන්ටත් දෙන්න කියලා. එතකොට හෙද සේවාවට, පරිපූරක සේවාවට හා අතුරු වෛද්‍ය සේවාවට බරපතල ප්‍රශ්නයක් එනවා. දැනට දීපු රුපියල් 3000/= 2016 ශත පහක්වත් වැඩි කරලා නැහැ. තවදුරටත් ‍සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ අනෙකුත් ඉහළ සේවාවන්ට දීමනාවන් වැඩි කරනවානම් ඒක හොඳයි. ඒ වගේම අපේ වෘත්තීන්ටත් සියලු දීමනා විෂමතාවය ඉවත් කරලා වැඩි කිරීමට සාපේක්‍ෂව මේ වැඩි කළ යුතුයි කියලා. එහෙම නැතුව එක සේවාවකට විතරක් මේක වැඩි කළොත් සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ අනිවාර්්‍යයෙන්ම හෙද සේවාව, පරිපූරක සේවාව සහ අතුරු වෛද්‍ය සේවාවන් දීමනා විෂමතාව ඉවත් කරගැනීම සඳහා ඒ වැඩි කරන්න තීරණය කරන මොහොතේම වැඩ වර්ජනයකට එළඹෙනවා. ඒක නවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගන්න තීරණය සාධාරණව අනෙක් අය දිහා බලලා ගන්න“ යැයි සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2019 19:24

    Latest News