සංචාරකයින්ගේ පැමිණිම යථා තත්වයට; කිෂු ගෝමස් (වීඩියෝ)

සැප් 25, 2019

    දිනකට අමෙරිකානු ඩොලර් දෙදහසකට වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් දිවයිනට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට අපේක්‍ෂා කරන බව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    එහි සභාපති කිෂු ගෝමස් මහතා පෙන්වා දෙන්නේ සංචාරක ක්‍ෂෙත්‍රයේ අපේක්‍ෂිත ඉලක්ක ඉදිරි වසරේ දී සපුරා ගත හැකි බවයි. විසිතුන් ලක්‍ෂයකට අධික විදෙස් සංචාරකයින් පිරිසක් ඉකුත් වසරේ දී දිවයිනට පැමිණ තිබේ. එමගින් ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.4ක්. මේ වසරේදී සචාරකයින් තිස් ලක්‍ෂයක් ගෙන්වා ගැනීමට අපේක්‍ෂිතයි. අමෙරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් එමගින් අපේක්‍ෂා කෙරේ. ඉකුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු, දිවයිනට සංචාරකයින්ගේ පැමිණිම සීඝ්‍ර පසුබෑමකට ලක්ව තිබේ. එය මේ වනවිට ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතී. මේ වසර තුළ ලක්‍ෂ 20ක සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කෙරේ. කෙසේ වුවද මේ තත්වය ඉකුත් වසරට සාපේක්‍ෂව 15%ක පහළ යාමක්. ඉකුත් වසරේ පැමිණි අයගෙන් එක් සංචාරකයෙකු දිනකට දළ වශයෙන් වියදම් කර ඇත්තේ, අමෙරිකානු ඩොලර් 174ක මුදලක්. එහිදී අදහස් දැක්වූ කිෂු ගෝමස් මහතා....

    “මම හිතන්නේ අනෙක් රටවල් එක්ක සංසඳනාත්මකව බලන විට මේ ප්‍රමාණය අපිට තිබ්බ ප්‍රශ්නයත් එක්ක හොඳ මට්ටමක්. ඊළඟ වසරේදී අපිට හැකියාව ලැබෙනවා, අපි මූලිකවම බලාපොරොත්තු වෙනවා ඒ ඉලක්ක කරා යන්න. විශේෂයෙන් යුරෝපා කලාපය තුළ ඒ ප්‍රවර්ධන කටයුතු තවත් තීව්‍ර කරන්නට අවශ්‍ය වෙනවා“ යැයි කිෂු ගෝමස් මහතා පැවසීය.

    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2019 22:05

    Latest News