“ටිකිරි ඇතින්න“ මිය යයි (වීඩියෝ)

සැප් 25, 2019

    දේශීය හා විදේශීය ජනමාධ්‍යයන් හි පසුගිය අගෝස්තු මාසයේ වැඩිම අවධානයට ලක්වූ “ටිකිරි ඇතින්න“ මියගොස් තිබේ.


    මහනුවර ඇසළ පෙරහැර සමයේ කතාබහට ලක්වූ එක් මාතෘකාවක් වූයේ, වයෝවෘද්ධ ටිකිරි ඇතින්නයි. මෙම ඇතින්න පෙරහැරට යොදා ගෙන ඇති බවටත්, එකල මියගිය බවටත්, සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ලිපි පළ විය. වයස අවුරුදු 70ක් පමණ වෙතැයි අපේක්‍ෂා කරන ටිකිරි ඇතින්න එම සිදුවීම්වලින් පසු කෑගල්ලේ හිරිවඩුන්න රන්දෙණියේ පිහිටි ඇතින්න භාරව සිටි තිලකරත්න මහතාගේ නිවසට රැගෙන යනු ලැබීය. එහිදී ද ඇතින්නට පැවති රෝගයට දේශීයව වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ මීට ටික කලකට ඉහත දී මියගියා යැයි පැවසූ ටිකිරි ඇතින්න ඊයේ මියගොස් ඇත. ඇතින්නගේ හිමිකාරිත්වය දරණ තිලකරත්න මහතා ප්‍රමුඛ පවුලේ ඥාතීන් අද මහා සංඝරත්නය වැඩමවා ආගමික වතාවත් සිදු කළේය.

    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2019 22:32

    Latest News