පැය කිහිපයක් තුළ දුම්රියක් දෙවරක් පීලි පනී

නොවැ 25, 2018

    හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු සේවා සැපයුම් දුම්රිය දෙවැනි වරටත් අද පෙරවරුවේ පීලි පැන තිබේ.

    දුම්රිය පීලි පැන ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයේ රෝසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 වෙනි සැතපුම් කණුව ආසන්නයේයි. උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

    මෙම සේවා දුම්රිය තලවකැලේ සිට කොළඹ දක්වා ඊයේ (24) පස්වරුවේ ධාවනය ආරම්භව ඇති අතර රාත්‍රී 7ට පමණ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේදී එහි සහිත කොටස පිලි පැනිමකට ලක් වු අතර, රාත්‍රී 12 පමණ යලිත් පිලිගත කෙරිණ. ඉන් අනතුරුව ගමන් ආරම්භ කර කොළඹට පැමිණේන විට දෙවැනි වරට පීලි පැමිණම සිදුව තිබේ.

    උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු කිහිපයකට මිට දින කිහිපයකට පෙර මෙම සේවා දුම්රිය කොළඹ සිට තලවකැලේට පැමිණ ඇත. 

    07

    Latest News