විශේෂ දුම්රියක් උලපනේදි පීලි පනි: උඩරට දුම්රිය ගමනට බාධා

අගෝ 24, 2019

    මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය විශේෂ දුම්රිය ගම්පොල සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලිපැන තිබේ.

    අද (24) උදැසන 9 ට පමණ ධාවනය වෙමින් තිබු දුම්රියේ එන්ජිම සහ මැදිරි හතරක් පිලි පැන ඇති අතර පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

    පිලි පැනිමට ලක් වු දුම්රියේ සංචාරකයන් විශාල පිරිසක් සිටි බවත්, ඔවුන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා වෙනත් දුම්රියකින් පිටත් කිරිමට කටයුතු ඇත.

    දුම්රිය පිලි පැනිම හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් ගම්පොල දුම්රිය ස්ථානය දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කෙරේ. එම දුම්රිය වල ගමන් ගන්නා මගින් දුම්රිය ස්ථාන දෙක අතර බස්රථ වලින් රැගෙන යාමට කටයුතු ඇත. පිලි පැනිමට ලක් වු දුම්රිය කඩිනමින් පිලි ගත කිරිමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

    derailment1 px 900 19 08 24

     

    Last modified on සෙනසුරාදා, 24 අගෝස්තු 2019 12:49

    Latest News