කථානායක පාර්ලිමේන්තුව ආරක්ෂා කළ - එජාප නායක රනිල්

නොවැ 24, 2018

    එක්සත් ජාතික පෙරමුණ අද මහනුවර නගරයේ දී විරෝධතාවක් සංවිධාන කර තිබිණ.

    මේ සඳහා සහභාගිවීමට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන් මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටුවා. අනතුරුව වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති විරෝධතාවට එක්විය. එක්සත් ජාතික පක්‍ෂයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු ද මීට එක්වූහ.

    පා.ම. සජිත් ප්‍රේමදාස - “ගරු අග්‍රාමාත්‍යතුමා පක්‍ෂ නායකතුමා ප්‍රමුඛ අපේ පක්‍ෂ යේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අපිට ළඟදීම පවරනවා නම්, අඩියක් ඉස්සරහට තියන්න අපි ලැස්තියි, අඩි ලක්‍ෂයක් ඉදිරියට තියලා අපේ ආදරණීය මාතෘ භුමියේ පුරවැසි පරපුර රකින්නට අපි දිවි හිමියෙන් කැපවන වනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා“.

    එජාප නායක - “අපි කතානායකතුමාට ස්තූති කරන්න ඕනේ එතුමා කෙලින් හිටියා. දැන් ඒගොල්ලන් එතුමාට බණිනවා. මොකක්ද එතුමා කරපු වරද්ද. ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරන එකද, එතුමා යටවුණේ නැති නිසා, ඒ අය එතුමාට යටවුණා. අද ලෝකයා අහනවා ඇයි ඡන්දේ දෙන්න බය කියලා. අන්තිමට එතුමා නිසා ආපහු සාමකාමී තත්වයක් ඇතිවෙලා.

    Latest News