රාජ්‍ය ආයතන වෘත්තීය සමිති 28ක් අදත් වර්ජනයේ (වීඩියෝ)

සැප් 23, 2019

    වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය අද (23) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එම සංගමයේ ජාතික සංවිධායක බී.ඒ.පි.බස්නායක මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එක් පාර්ශවයකට පමණක් දීමනා වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට විරෝධය පළ කරමිනුයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා ග්‍රාම නිලධාරීවරුන්, සංවර්ධන නිලධාරීවරුන්, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීවරුන් ඇතුළු වෘත්තීය සමිති 34ක සාමාජිකයින් මීට එක්ව සිටියි.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 20:37

    Latest News