ඇමති 2ක් අද ජනාධිපති පරික්ෂණ කොමිසමට (විඩියෝ)

සැප් 23, 2019
  • අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (23) රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පෙනී සිටීමට නියමිතයි.

    සජිත් ප්‍රේමදාස මහතා හා අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

    නිවාස අධිකාරීයේ පත්වීම් ලබාදීමේ දි සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදී තිබූ දැනුම් දීමකට අනුවයි අද ඔහු එහි පැමිණියේ.

    මීට අමතරව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.එම් ස්වාමිනාදන් මහතාද සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබේ.

    පාසැල් පෙළ පොත් මුද්‍රණය කිරීමේදී අමාත්‍යවරයාගේ ඡායාරූපය ඇතුළත් කිරීමේදී සිද්ධියට අදාළව අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 14:15

    Latest News