නිරිත දිගට වැසි වැඩිවේ: මුහුදු සුළං වේගයත් ඉහළට

සැප් 21, 2019

    දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වැඩිවීය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දකුණු පළාතේ විටින් විට පැයට කිලෝමීටර් 60ක වේගයකින් තදසුලං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ සඳහන්වේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ යන පළාත්වල ද විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර, ගම්පහ සහනුවරඑළිය දිස්ත්‍රික්යේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    බලපිටිය සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට 60-70 km දක්වා ඉහළ යාමෙන් මුහුද විටින් විට රළු වන බැවින් ධීවර හා නාවුක ප්‍රජාව අවධානයෙන් පසු වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දේ.

    Latest News