වැල්ලවායෙන් දැවැන්ත දැව ජාවාරමක් මාට්ටු

සැප් 18, 2019

    වැල්ලවාය පොලිසිය සහ දිසා විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කල විශේෂ වැටලීමකින් මහා පරිමාණයේ ගම්මාලු සහ තේක්ක දැව ජාවාරමක් වටලා සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ගම්මාලු ජාවාරම වැල්ලවාය රණ්දෙනිය ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇත. එහිදී ඉරන ලද ගම්මාලු දැව තොගයක්, ට්‍රැක්ටර් රථයක් සහ ජංගම ලී ඉරුම් කට්ටලයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    එම සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විසිහත සහ තිහ යන වයස්වල පසුවන්නන් වන අතර සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. තේක්ක දැව ජාවාරම වැල්ලවාය ආදාවෙලයාය ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී තේක්ක දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු විසි අට සහ හතලිස් දෙක යන වයස් වල පසුවන්නන් වන බව පොලිසිය පවසයි.

    Latest News