වසර ගණනක දැව ජාවාරම එක ඇමතුමෙන් මාට්ටු

ජන 16, 2020

    වැල්ලවාය අයිස්පීල්ල ප්‍රදේශයේ සිට ඇතිලිවැව දක්වා ප්‍රවාහනය කරමින් තිබු කොලොං දැව ලොරියක් සමඟ සකකරුවෙකු අද (16) අලුයම වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැල්ලවාය පොලිසියට ලද තොරතුරක් අනුව කළ වැටලීමේදි නීති විරෝධීව ප්‍රවාහනය කළ කොලොං දැව තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

    ලොරිරථයේ තිබි කොලොං දැව කඳන් හතලිස් එකක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. දැවවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර සැකකරු දීර්ඝ කලක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

    Latest News