කංජිපානිගේ ජංගම දුරකථන දෙක හා චාජර් දෙක සොයාගත් නිළධාරින් ඇගයීමක්

සැප් 18, 2019

    බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයින්ට ලබාදීම සඳහා ගෙන ගිය ජංගම දුරකථන චාජර් සොයා ගත් බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් සේවය ඇගයිමක් සිදුකර තිබේ.

    බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහාමඩ් නජීම් මෙහොමඩ් හෙවත් කංජිපානි ඉම්රාන් ලබාදීමට රැගෙන ගිය මෙම ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් සහකාර බන්ධනාගාර අධිකාරි එල්.පී.එම්.කරුණාරත්න, බන්ධනාගාර නියාමකයින් වන ටී.ඕ.කේ.රත්නායක, ඒ.ඩී.ටී.කේ .ආරියදාස ,ඒ.ඩී.එල්.එන්.මෙන්ඩිස් ,ඒ.ජී.චමින්ද ජයසිරි, වයි.පී.එල්. සම්පත් යන නිලධාරීන් විසින් සොයා ගනු ලැබිණි.

    මෙම නිළධාරින්ගේ සේවා ඇගයිම ඊයේ (17) අධිකරණ අමාත්‍යංශයේ පැවැත්විණ.

    බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධව සමාජයේ පවතින වැරදි අවබෝධ නැති කිරීම සදහා මෙවැනි නිර්භීත නිලධාරීන් ඇගයීමට ලක් කිරීම හොද ක්‍රියාවක් බව අධිකරණ අමාත්‍යවරිය කියා සිටියාය. ඇමතිනිය තවදුරටත් කියා සිටියේ ඉදිරියේදීත් මෙවැනි දේ සිදු කරන නිලධාරීන් සදහා අමාත්‍යංශයක් ලෙස අවශ්‍ය ඇගයීම් සිදු කර දිරි ගැන්වීම් ලබාදීමට අකටයුතු කරන බවයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්ම බන්ධනාගාරයට එල්ල වී ඇති චෝදනා නිවැරදි කර ගැනීමට මෙවැනි ක්‍රියාවන් තුළින් හැකියාව ලැබෙන බවත්, රාජකාරීය නිවැරදි ලෙස ඉටු කරන අය දෙපාර්තමේන්තුවට වටිනා කමක් එක් කරනු ලබන බවත්, මත්ද්‍රව්‍ය මැඩලීම සදහා රජය ගෙන යන වැඩ සටහනට තවත් ශක්තියක් මේ තුළින් උදා වන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

    Latest News