බීඩි කොළ තොගයක් සමඟ දෙකක් මාරවිලදි මාට්ටු

සැප් 15, 2019

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑනු ලැබු බීඩි කොළ කිලෝග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු මාරවිල මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්යය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන් ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට බෝට්ටු දෙකක පටවා ගෙන්වා ඇති බවට මෙතෙක් කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ බලකාය පවසයි.

    අදාළ බීඩි කොළ තොගය අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ කොළඹට රැගෙන ඒම සදහා ලොරියකට පැටවීමට සූදානම්ව සිටියදීය.

    stfrade2 px 900 19 09 15

    Last modified on ඉරිදා, 15 සැප්තැම්බර් 2019 13:43

    Latest News