පාලිත තෙවරප්පෙරුම ඇතුළු 6 දෙනාට ඇප

සැප් 16, 2019

    නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු 6 දෙනාට රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

    සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු හය දෙනෙකු අධිකරණ නියෝග කඩ කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. ඔවුන් අද (16) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මෙම නියෝගය ලබා දී ඇත.

    පසුගිය මස 19 වන දා තෙබුවන, ට්‍රොයිට් වතු යායේ සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එම වතුයායේ භූමිදාන නොකරන ලෙසට හිමිකරු විසින් තෙබුවන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. අදාළ පැමිණිල්ලට අනුව පොලීසිය විසින් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ගනු ලැබූ අතර එය නොතකමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එම භූමියෙහි එම දේහය බලහත්කාරයෙන් භූමදාන කිරීමට කටයුතු කර ඇත.

    ඒ අනුව අධිකරණ නියෝග කඩ කිරමින් එම දේහය එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළ හය දෙනාට චෝදනා එල්ල වී තිබේ.

    Latest News