වතුකම්කරුවන් පාලිත තෙවරප්පෙරුමව ඉල්ලා කන්නලව්වක්

සැප් 15, 2019

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා නිදහස් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කෝවිලක පුජාවක් පවත්වා පොල් ගසා දේව කන්නලව්වක් කර විරෝධතා ව්‍යපාරයක් අද (15) සිදු කරනු ලැබිණ.

    හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දේව පුජාව සහ උද්ඝෝෂනය සංවිධානය කර තිබිණ.

    ඉකුත් මස 19 දින කළුතර තෙඹුවන ටොයිස් වතුයායේ මිය ගිය වතු කම්කරුවෙකුගේ මෘත දේහය එම වතුයායේ පාලන අධිකාරිය මගින් මිහිදන් කිරිමට ඉඩ ලබා නොදිසිටියදි අධිකරණ නියෝගය නොතකා නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා මැදිහත්වි එම මෘත දේහය එම වතුයායේ පොදු සුසාන භුමියේ මිහිදන් කිරිමට ක්‍රියා කළේය. විරෝධය මැද මිහිදන් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩුවකට පෙනි සිටි නියොජ්‍යය අමාත්‍යයවරය මතුගම මහෙස්ත්‍රාත්වරයා විසින් හෙට (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

    උද්ඝෝෂණයේ නියැලි හැටන් ඇන්ෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ සුළු ජාතින් නියෝජනය කිරිමට මේ රටේ දේශපාලන නායකයින් සිටියත්, එම නායකයින්ද එ පිලිබදව අවධාරණය නොකර සිටියදි අමාත්‍යය පාලත තෙවරප්පෙරුම මහතා ඉදිරිපත් වි මිය ගිය තම සහෝදර වතු කම්කරුවෙකුට සාධාරණයක් ඉටු කර දුන් බවයි.

    අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරිම සාධාරණ නොවන බවත්, නියෝජ්‍යය අමාත්‍යයවරයාව ඇතුළු සිද්ධියට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාර කර ඇති සියළු දෙනා නිදහස් කල යුතු බව වතු කම්කරුවන් කියා සිටිති.

    palithaprotest1 px 900 19 0

     

     

    Latest News